Wednesday, September 24, 2014

පොඩි චැලෙන්ජ් එකක්

කොහොමද යාලුවනේ,,,, ඕං අද මම ඔයාලට පොඩි චැලෙන්ජ් එකක් වගේම ඉගෙනගන්නත් දෙයක් ගෙනාවා......  මේක කරන්න විෂුවල් බේසික් ප්රෝග්රැමින් ලැන්ග්වේජ් එකෙන්..., ඒ උනාට විෂුවල් බේසික් දන්න කට්ටියට වගේම නොදන්න කට්ටියටත් විනාඩි පහෙන් මේ වැඩේ කරලා බලන්න පුලුවන්.....  මේක පොඩි සෙල්ලමක් ( Game) හොඳේ......

හරි අපි පටන් ගමු....
ඔයාලා ගොඩක් දෙනා තාම කරන්නෙ Visual Basic 6.0 නේ! සොරි වෙන්න ඕනේ මම VB 6 පවිච්චි කරන්නේ නෑ.... ඒ නිසා මම VB 6 වල Interface එක නෙට් එකෙන් අරගෙන දාලා ඇති.... Code Window එහෙම ඔක්කොම එක වගේ නිසා ඔයාලට අවුලක් වෙන්නේ නෑ!
තව එකක්.... මේකේ තියෙන ෆොටොස් වල කොලිටිය ගැනත් සමා වෙන්න... -_-  මගේ ලැප් එකේ ඉන්ටෙනෙට් මොඩෙම් එක කැඩිලා.... ෆෝන් එකෙන් තමා මෙව්ව ගත්තේ...

ඉස්සෙල්ලම ඔයාලා විෂුවල් බේසික් open කර ගන්න..... 
ඊට පස්සෙ එනවා නේ ප්රොජෙක්ට් එකක් තෝරන්න,, එතනින් standard exe කියන style එක select කරලා OK කරන්න.....
Visual Basic 6.0 වල මෙහෙමයි...
image.png

දැන් ඔයාලට මේ වගේ project screen එකක් පෙනේවි.... 
Visual Basic 2010 වල project screen එක මෙහෙමයි....
image.jpeg

මේකේ form window එක ඔයාලට කැමති ගානකට drag කරලා resize කර ගන්න......  හරි දැන් වම් පැත්තේ Toolbox (Toolbar) එකෙන් Command Button කියන tool එක අරගෙන Form Window එකේ මැද Command Button එකක් ඇඳ ගන්න.....

Visual Basic 6.0 වල මෙහෙමයි...
image.png
දැන් Command Button එක එක පාරක් 
click කරන්න.... බලන්න Screen එකේ දකුනු පැත්තේ තියෙනවා Command Button එකේ Properties Window එක.... එකෙන් Command Button එකේ Name එක cmd1 කියලා සහ Command Button එකේ Caption එක "Click Me!" කියලා වෙනස් කර ගන්න
හැබයි Visual Basic 2010 හරි ඊට පස්සෙ Version  හරි පාවිච්චි කරන කට්ටිය ඔයාලගේ Caption එක වෙනුවට තියෙන්නේ Text කියලා..... 
image.jpeg

ඔන්න design කරලා ඉවරයි.... දැන් code කරමු.....

ඉස්සෙල්ලම ඔයාල හදපු Command Button එක උඩ Double Click කරන්න.... දැන් ඔයාලගෙ Code Window එක open වෙයි....  එකෙ උඩිම්ම ඔයාලට පෙනෙයි තියෙනවා cmd1 on click කියලා..... ඒකේ on click property එක on mouse Enter කියලා වෙනස් කරන්න.... ඔක ඔයාලට තේරෙන්නේ නැත්නම් පහල රූපේ බලන්න....
image.jpeg

ඔය රවුම් කරලා තියෙන්නේ! රතු පාටින් රවුම් කරපු එක තමයි ඔයාල Drop Down කරන්න ඔනේ.....

image.jpeg

ඔන්න ඔය උඩින් තියෙන Click Event එක තමයි වෙනස් කරන්න ඕනේ!
ඔයාල Menu එක Drop Down කරාම මෙහෙම පෙනෙයි....
image.jpeg

ඔන්න ඔතනින් Mouse Enter කියන එක Click කරන්න.....
දැන් මෙ code එක copy කරලා එතන paste කරන්න......

Cmd.visible. = False
Cmd1.top = int( Rnd * 700)
Cmd1.left = int( Rnd * 100)

Cmd1.width = int(Rnd * 700)
Cmd1.height = int(Rnd * 200)

දැන් ආයෙත් අර උඩින්ම තියෙන Properties Window එක Drop Down කරලා ඒකෙන් Mouse leave කියන එක click කරන්න..... එතකොට තව කොටසක්( ඒ කිව්වේ Private Sub වලින් පටන් ගෙන End Sub වලින් ඉවර වෙන කොටසක්) open වෙයි..... 
දැන් මේ code එක එතන කරන්න

Cmd1.visible = true

වැඩේ ඉවරයි...... :)
image.jpeg

හරී දැන් Run කරලා බලන්න......
තව ඉතින් මේක Develop  කරන්න ඔයාලට පුලුවන්.... ඔනෙ නම් එක Command Button වෙනුවට කගෙ හරි පින්තූරයක් දාන්න පුලුවන්.... තව ම්ම්ම් ආ Colours  දාල... තව Objects දාල... Levels එහෙම හදලා... ඔයාලට මේක ඔයාගේම විදියට හදාගන්න පුලුවන්.... ට්රයි කරල බලන්න ගුඩ් ලක්.... ඔයාල හදන එව්ව මට පොස්ට් කරන්න හොඳේ....  එහෙනම් ගිහින් එන්නම්....

No comments:

Post a Comment